1. ජීවයේ රසායනික පදනම Part 01 science short notes in sinhala

 

1.   ජීවයේ රසායනික පදනම

01)ස්වාභාවිකව පවතින මූල ද්‍රව්‍ය වලින් ජීවී දේහ නිර්මාණය වීම සදහා වැඩි වශයෙන් ඉවහල් වී ඇති මූල ද්‍රව්‍ය හතර වන්නේ,

·        කාබන්

·        ඔක්සිජන්

·        හයිඩ්‍රජන්

·        නයිට්‍රජන්

02)ඉහත මූල ද්‍රව්‍ය වලට අමතරව ජීවීන්ගේ පැවැත්ම සදහා අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍ය කිහිපයකි,

·        සල්ෆර්

·        පොස්ෆරස්

·        සෝඩියම්

·        පොටෑසියම්

·        කැල්සියම්

·        මැග්නීසියම්

·        අයන්

·        ක්ලෝරීන්

03)මානව දේහයේ අඩංගු ස්කන්ධ අනුව ප්‍රතිශත පහත පරිදි වේ,

v  ඔක්සිජන් - 65%

v  කාබන්     - 18%

v  හයිඩ්‍රජන්  - 10%

v  නයිට්‍රඩන් -  3%

v  වෙනත්     - 4%

04)කාබනික සංයෝග යනු,

·        කාබන් මූල ද්‍රව්‍ය අඩංගු සංයෝග වේ.

05)කාබනික සංයෝග සදහා උදාහරණ.

·        කාබෝහයිඩ්රේට්

·        ප්‍රෝටීන්

·        ලිපිඩ

·        නියුක්ලෙයික් අම්ල

·        විටමින්

06)අකාබනික සංයෝග යනු,

·        කාබන් අඩංගු නොවන මූල ද්‍රව්‍ය වේ.

07)අකාබනික සංයෝග සදහා උදාහරණ.

·        ජලය

·        ඛණිජ ලවණ

·        කාබනේට්

·        බයිකාබනේටි

·        කාබන්ඩයොක්සයිඩ්

·        කාබන්මොනොක්සයිඩ්

08)සජීව පදාර්තයේ අඩංගු ජෛව අණු වර්ග හතර .

·        කාබෝහයිඩ්රේට්

·        ප්‍රෝටීන්

·        ලිපිඩ

·        නියුක්ලෙයික් අම්ල

09)කාබෝහයිඩ්රේට වල අඩංගු මූල ද්‍රව්‍ය.

·        කාබන්

·        හයිඩ්‍රජන්

·        ඔක්සිජන්

10) කාබෝහයිඩ්රේට වල පොදු අණුක සූත්‍රය.

       Cx (H2O) y

11) කාබෝහයිඩ්රේට වර්ග තුන ඒවායේ සූත්‍රය සමග පහත දැක්වේ.

v  මොනොසැකරයිඩ(C6H12O6)

v  ඩයිසැකරයිඩ(C12H22O11)

v  පොලිසැකරයිඩ(C6H10O5)n

12) මොනොසැකරයිඩ වල ලක්ෂණ පහත සදහන් වේ.

v  ස්පටික ස්වරෑපයක් ගනී.

v  ජලයේ දියවේ.

v  සාමාන්‍යයෙන් පැනි රසය.

13) මොනොසැකරයිඩ සදහා උදාහරණ.

·        ග්ලූකෝස්

·        පෘක්ටෝස්

·        ගැලැක්ටෝස්

14) ඩයිසැකරයිඩ වල ලක්ෂණ පහත සදහන් වේ.

v  මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වී ඩයිසැකරයිඩ සෑදේ.

v  එහිදී ජල අණුවක පිට වේ.

v  එමෙන්ම ඩයිසැකරයිඩ අණුවට ජල අණුවක් එකතු වී යලිත් අදාළ මොනොසැකරයිඩ ලබා ගත හැකිය.

v  ඩයිසැකරයිඩ ජලයේ ද්‍රාව්‍ය පැණිරස ස්ඵටික වේ.

15) ඩයිසැකරයිඩ වලට උදාහරණ

·        මෝල්ටෝස්

·        ලැක්ටෝස්

·        සුක්රෝස්

16) ඩයිසැකරයිඩයක් සෑදීම තුලිත රසායනික සමීකරණයකින් පහත දක්වා ඇත.

        මොනොසැකරයිඩ + මොනොසැකරයිඩ                            ඩයිසැකරයිඩ + ජලය

                    2C6H12O6                                  C12H22O5 + H2O       

 

 17) පොලිසැකරයිඩ වල ලක්ෂණ පහත සදහන් වේ.

v  මොනොසැකරයිඩ අණු රාශියක් බහුඅවයවීකරණය වීමෙන් සෑදේ.

v  පොලිසැකරයිඩ ජල විචේදනය වීමෙන් නැවත මොනොසැකරයිඩ සෑදේ.

v  ඇල් ජලයේ අද්‍රාව්‍යයි.

v  ස්ඵටික රෑපී කොවේ.

18) පොලිසැකරයිඩ වලට උදාහරණ.

·        සෙලියුලෝස්

·        ග්ලයිකොජන්

·        පිෂ්ඨය

9) ග්ලූකෝස් අණුවක ව්‍යුහය පහත වේ.

 

 20) කාබෝහයිඩ්‍රේට වැදගත් වන අවස්තා හතරක් පහත වේ.

·        ශක්ති ප්‍රභවයක් ලෙස.

·        සංචිත ආහාරයක් ලෙස.

·        ජීවීන්ගේ සෛල බිත්තියක් නිර්මාණය කිරීමට.

·        නියුක්ලෙයික් අම්ලවල සංඝටකයක් ලෙස.




Download PDF here 


Post a Comment

0 Comments